21 වන සඳුදා දින සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල සීමිත බස් රථ ප්‍රමාණයක් පමණක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව බස් රථවල මගීන් ගෙන යාමට බස් හිමියන් සහ සේවකයන් දැනුවත් කර තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර බස් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




