රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 වන දා පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නිළවරණ කමිටුවේ සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, එම සංගමය හා එහි සාමාජිකයින් දස දෙනෙකුයි. එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා සමඟ එම ධුරයට තරඟ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ද කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. එම පැමිණිල්ල ලබන 21 වනදා සලකා බැලීමට නියමිතයි
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




