කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය පිළිබඳවත් හෙක්ටයාර ලක්ෂ 16ක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සියලු ආයතන සම්බන්ධ කරගෙන ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම පිළිබඳවත් මෙහි දී දීර්ඝව සාකච්ඡා කළ බව එම අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙලෙස නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම හරහා ගැටලුවකින් තොරව මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්,රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරීන් ද සහභාගි වී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




