සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවර ද ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ. දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා අනිද්දා (21) අලුයම 4ට ඉවත් කෙරෙනවා. කෙසේ වෙතත්, සංචරණ සීමා ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති. මේ අතර, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගම බස් රථ ධාවනයට එක් කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




