මහජනතාවට පොලිස් පැමිණිලි කිරීමේදී ඇතිවන අපහසුතා මඟහරවා ගනිමින් පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා නව පොලිස් ස්ථාන ආරම්භ කිරීමට නියමිත බවත්, ඒ අනුව නව පොලිස් ස්ථාන 197ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත්, බවත් මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නව පොලිස් ස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට පොලිස් ස්ථාන 57ක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත්, ඉතිරි පොලිස් ස්ථානද හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
නව පොලිස් ස්ථාන හරහා මහජනතාව සමඟ පොලිසිය වැඩිවැඩියෙන් සම්බන්ධ වන විට අපරාධ කිරීමට සමාජයේ පවතින ඉඩ ඇහිරෙන බවත්, එමෙන්ම මහජනතාවගෙන් තොරතුරු ලබාගෙන දැනට සිදුවන අපරාධ සාර්ථකව මැඩලීමට හැකියාව ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




