දෙහිවල සත්වෝද්‍යානයේ සේවයේ නිරත වන සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
මේ අනුව පසුගියදා කෝවිඩ් ආසාදනය වූ සිංහයාට ද රෝගය බෝ වී ඇත්තේ මෙම සේවකයාගෙන් දැයි වැඩිදුරටත් සොයා බලන බව ඔහු ප්‍රකාශ කළා.
මෙම තත්වය නිසා මේ වන විට දෙහිවල, පින්නවල හා රිදියගම යන සත්වෝද්‍යාන තුනේම සේවකයන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා ආසාදනය වූ සිංහයාගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් බවත් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වීමට දින විස්සක් පමණ ගත වන බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා මියගිය හිපපොටේමස් සහ සීබ්‍රා පැටවා මිය ගොස් තිබෙන්නේ කොරෝනා ආසාදනය වීමෙන් නොවන බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




