සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාවේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ද අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය සහ විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාර ගැනීම, බෙදා හැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට ඇතුළත් වනවා. එමෙන්ම දේශීය හා විදේශීය අධිවේගි තැපැල් සේවා, ඖෂධ බෙදා හැරීමේ විශේෂ සේවා මෙන්ම මුදල් හුවමාරු කටයුතු අත්‍යවශ්‍ය සේවා යටතට පත් කර තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




