ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඒ, ආසාදිතයන් 493 දෙනෙකු ලෙසයි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අවිස්සාවේල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, එම සංඛ්‍යාව 135 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 274 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 174 ක්, කුරුණෑගලින් ආසාදිතයන් 166 දෙනෙකු වාර්තාවී තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනෙකු බැගින් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




