මෙරට පුද්ගලයින් ලක්ෂ 08කට ආසන්න පිරිසක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව ඊයේ (18) දිනය වන විට පුද්ගලයින් 787,007 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා.
පුද්ගලයින් 417,448 දෙනෙකු සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම සම්පුර්ණ කර ඇති අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත පුද්ගලයින් 357,868 දෙනෙකු සහ ස්පුට්නික් V එන්නත 11,691 දෙනෙකු සම්පුර්ණ කර තිබේ.
මේ අතර ඊයේ දිනයේද පුද්ගලයින් 39 ,128 දෙනෙකු සඳහා සයිනෝෆාම් සහ ස්පුට්නික් V එන්නත්වල පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




