ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ පසුගිය දින කිහිපයේ ඇති වූ ගැටලු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වශයෙන් ද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද ගම්මන්පිල මහතා කටයුතු කිරීම නිසා පක්ෂයක් ලෙස මේ මොහොතේ ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉකුත් බ්‍රහස්පතින්දා සාකච්ඡා කර ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




