සංචරණ සීමා නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති පී. භාරතිදාසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය කියා සිටියේ ඔහු ඇතුළු 07 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
සභාපතිවරයා ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු එකතු කරගනිමින් තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉහළින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදී මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය පවසනවා.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් කිහිප දෙනකු සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තලවකැලේ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සභාපතිවරයා සහ සෙසු අය අත්අඩංගුවට ගෙන ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid