ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරව පොල් ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගස් හෙළීම පාලනය කිරීමේ පනත සංශෝධනය කරමින් මෙලෙස පොල් ගස් කැපීම තහනම් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කර ඇත.
කොස් ගස් කැපීම සඳහා ද මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතු පසුබිමක පසුගිය ජනවාරි සහ පෙබරවාරි දෙමස තුළ කෑගල්ල ප්‍රදේශයේ පමණක් කොස් ගස් කැපීම සඳහා බලපත්‍ර 1, 610 ක් ලබා දී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අනාවරණය වී තිබේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid