Header Ads

උණුසුම් පුවත්

හරක් කටාගේ හතක් දැලේ!

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්  කරන චින්තක හෙවත් හරක් කටා නැමත්තා සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල නිරත වූ කාන්තාවක ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පස්දෙනෙකු මාතර හා වැලිගම ප්‍රදේශ මූලික කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ කටයුතු සිදුකර තිබෙන බවත්, ඔවුන් සතුව තිබී හෙරොයින්  ග්රෑම් 650ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍යප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ  මහතා පැවසීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක එකකයේ නිලධාරීන් විසින් මුලින්ම තිහාරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මෙම කාන්තාව විවිධ පුද්ගලයන් සමග දුරකථනයෙන් සම්බන්ධවෙමින් බැංකු ගිණුම්  වලට මුදල් ලබාගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුතු සිදුකර ඇතැයි හෙළි වී තිබේ .

ඇය සතුව තිබී ජංගම දුරකථන හතරක් හා ඒ.ටී.එම්. කාඩ්පත් දහතුනක් සොයාගෙන තිබෙන අතර, ඉන්පසුව මෙම කටයුතුවලට සහාය දුන් බව කියන පහත්ගම ප්‍රදේශයේ 50 හැවිරිදි පුද්ග ලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විවිධ පුද්ගලයන්ගේ නමින් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී තිබෙන අතර, සැකකරු සතුව තිබී ඒ.ටී.එම්. කාඩ්පත් අටක් හා රුපියල් හත්ලක්‍ෂ විසිදහසක පමණ මුදලක්ද සොයාගෙන තිබේ.

මෙම පිරිස් හරක් කටා නැමැත්තා සමග ඉමෝ තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම කටයුතු සිදුකර තිබෙන බවත්, මෙම කාන්තාව සමග දුරකථන මාර්ගයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ සියලුම පිරිස් එකවරම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid