කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය ආශ්‍රිත ව 18 වනදා වාර්තා වූ රෝගීන් අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ද සිටින බව වාර්තා වනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රජයේ සේවකයන්ට ලබා දෙන ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ රියදුරෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.
පසුගිය 18 වනදා වාර්තා වූ රෝගින්ගෙන් බහුතරය කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරුවන් වීම විශේෂත්වයකි.
මෙම කම්කරුවන් ඇතුලු කුරුණෑගල බල ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් 90% කට මේ වන විටත් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කරන බව කුරුණෑගල සෞඛ්‍ය අංශයේ නිළධාරීයෙක් ප්‍රකාශ කර තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid