තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයේ තිබී ටී 56 උණ්ඩ 26 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙම ජීව උණ්ඩ පෞද්ගලික බඩු බාහිරාදිය තැන්පත් කරන ලාච්චුවක කුඩා පෙට්ටියක අසුරා තිබී ඇත.
පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම උණ්ඩ හිමි රියදුරා සේවය නිමා වී නිවසට ගොස් තිබූ බවයි. අද උදෑසන සේවක විවේකාගාරයට පැමිණි වෙනත් රියදුරෙකු බිම වැටී තිබූ උණ්ඩ දෙකක් දැක තිබෙන අතර ඔහු ඒ පිළිබඳ ව ඩිපෝ අධිකාරීවරයා දැනුවත් කර තිබෙනවා. පසුව තලංගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේ දී ඉටි කවරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බව තලංගම පොලිසිය පවසනවා.
සැකකරු වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid