ඉතිහාසයේ ප්‍රථම වතාවට ගත වූ පැය 48 ක කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබීමට සමත්ව තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
මෙම පසුගිය අසීරු කාලය තුළ නිහඬ සේවයක් කරන ආයතනයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව හැඳින්විය හැකිය. ඒ අනුව පවත්නා වසංගත තත්ත්වය තුළ දී වුව ද, මේ වන විට පවුල් ලක්ෂ 17 කට බෙහෙත් නිවසටම ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.මේ බව අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය ඔහු හමුවේ දී සදහන් කළේය.
ඒ අනුව, මෙම Covid – 19 වසංගතයත් සමඟ පවුල් ලක්ෂ 17 කට නිවෙස් වලට බෙහෙත් ලබා දීමේ පළමු වටයේ වැඩපිළිවෙල මෙන්ම ඊට පසුවත්, මෙම අපහසු කාල පරිච්ඡේදය තුළත් ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව ගෙනයාම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යය මණ්ඩලය වෙත බෙහෙවින් ස්තුතිවන්ත වන බව ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
පරිදි නිසි වෙලාවට රෝගීන්ගේ ඖෂධ නිවසට ලබාදීම මගින් සිදු කරන මෙම නිහඬ සේවය තුළ කාටත් නොාපනී මරණ සංඛ්‍යාව අවම කිරීමට දායක වී ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid