වරකාගොඩ පොලිස් වසමේ බලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කැලෑවට ගිය අවස්ථාවේ එම අස්ථි කොටස් දැක වරකාගොඩ පොලීසියට දැනුම් දී මෙන් එම දැනුම්දීමෙන් අනතුරුව පොලීසියි විසින් සිද්ධිය වු ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සැක කටයුතු අස්ථි කොටස් කැලයේ ප්‍රදේශයක් පුරා විසිර ගොස් තිබී ඇති අතර, මියගිය පුද්ගලයාගේ බවට සැකකෙරෙන බැනියමක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
අස්ථි කොටස් හමුවු ස්ථානයට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. වී. විජේසේන මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර තිබෙනවා.
මේ අතර පසුගිය 9 වන දා සිට බුලත්සිංහල මහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බුලත්සිංහල දියකඩුව ගල්ලස්පහළ ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසේ රැඳී සිටිය දී කොරෝනා ආසාදනය වී ඇති අතර, පසුව එම පුද්ගලයා අතුරුදන්ව ඇත.
මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර මේ සම්බන්ධයෙන් ඥාතීන් අගලවත්ත පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇත.
කෙසේවෙතත් අස්ථි කොටස් හමුවීමෙන් පසු එම අතුරුදන් ව සිටි පුද්ගලයාගේ ඥාතීන් සහ ඔහු රැඳී සිටි නිවසේ යහළුවන් ද එම ස්ථානයට පැමිණ තිබේ.
පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, කැළෑවෙන් හමුවු අස්ථි කොටස්, අතුරුදන් වු පුද්ගලයාගේ දැයි සැක පළ කර ඇත.
මේ වන විට අස්ථි කොටස් හා ඇඳුම හොරණ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට පොලීසියෙන් කටයුතු කර තිබේ.
කළුතර වරකාගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid