අද (23) දින සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් රාජකාරියට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සුපිරි වෙළඳසැල්, වෙළඳසැල්, පොදු ප්‍රවාහන සේවාවන්වල මුහුණු ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම නිලධාරීන් සිදු කරයි.
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්. සුපිරි වෙළඳසැල්වල සියයට 25 ක ධාරිතාව පවත්වාගෙන යන්නේ ද, පොදු ප්‍රවාහන සේවාවන් වල සෞඛ්‍යය නීති උල්ලංඝනය කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid