ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 433 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
ඉන් වැඩිම පිරිසක් මාතලේ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව ද, මොවුන් මුහුණු ආවරණ නොපැලඳවීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඹහු සඳහන් කරනවා.
මේ දක්වා පුද්ගලයින් 42,347 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන හා රෝග වැළැක්වීමේ සහ දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid