හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව එකක්. මේ දක්වා වසරක පමණ කාලයක් හිස් ව පැවති එම මන්ත්‍රී අසුනට අද රනිල් වික්‍රමසිංහ මහතා පත්වනවා.
1977 සිට 2020 දක්වා වසර 40 කට අධික කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වුණා.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳ විවිධ ගැටලු මතු වුන ද අවසානයේ එය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid