නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මුල්ලේරියාව ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමණාකරුවෙකු ද මෙම සැකකරු සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් දහයක්, රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා පවුම් 12ක රන් ද සැකකරු සන්තකයේ තිබී ඇති බවද පොලිසිය කියයි .
සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid