නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයන සහ අපනයන කිරීම නිසා රේගු අත් අඩංගුවට පත් ව නියම කරන දඩ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් එම පිරිස් අධිකරණයේ නඩු ගොනු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට රුපියල් කෝටි 6300ක් අහිමි වී තිබෙනවා.
මෙසේ ගොනු කළ ඇතැම් නඩු වසර 5කට පෙර සිදු කළ ඒවා බවත් නීති විරෝධී ලෙස මෙම ක්‍රියාවලියේ යෙදෙන බොහෝ දෙනා දඩ නොගෙවා අභියාචනාධිකරණයේ නඩු පැවරීම පුරුද්දක් කරගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීයකු පවසනවා. මෙම නඩු දිනෙන් දින කල් යෑම නිසා රේගුව හරහා රජයට මුදල් ලැබීම ප්‍රමාද වනවා.
විශේෂයෙන් නීති විරෝධී කසළ තේ අපනයනය සහ බීඩි කොළ ආනයනය සඳහා පමණක් රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් මේ ආකාරයෙන් රේගුවට නොලැබී තිබේ.
නීති විරෝධී ලෙස කසළ තේ අපනයනය කිරීම වෙනුවෙන් කිහිප වරක් ලක්ෂ ගණනක දඩ මුදල් නියම වී අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් නිකුත් කර ඇති අයෙක් පසුගිය දා නැවතත් කසළ තේ අපනයනය කිරීමට උත්සහ දරා තිබෙනවා.
මේ පිළිබඳ ව රජය විශේෂ අවධානයක් යොමු කර වරදකරුවන්ට දඬුවම් ලබා දීමට සහ හිඟ දඩ මුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව රේගු නිළධාරියා වැඩිදුරටත් කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid