අද (23) බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවන බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
සුළඟ:
මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිරදෙසින් හමා එන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහාපොතුවිල් දක්වාසහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට හම්බන්තොටහරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid