වැවක දිය නාමින් සිටියදී දියේ ගිලී මරණයට පත්වු පුද්ගලයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.
ඔහු ආණමඩුව H8 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිදරු පියෙක්
ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා කියාසිටියා.
ඉකුත් 22 වනදා මෙම අනතුර සිදුව තිබෙනවා.
දැනට නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් 20 දෙනාට අමතරව අදාළ පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන උපදෙස් මගහරිමින් කටයුතු කරමින් ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා කියාසිටියා.
ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




