පළමුවරට පැවැත්වුණු ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට නවසීලන්තය ඊයේ (23) සමත් විය.
ඉන්දියාව සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 217 ක් පමණි. පිළිතුරු ඉනිමට තරග කළ නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 249 ක් රැස් කර තිබෙනවා.
තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට දෙවන ඉනිමේ දී ලකුණු 139 ක ඉලක්කයක් තිබූ අතර ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තයට හැකි වුණා.
නවසීලන්තය කණ්ඩායමේ කයිල් ජමිසන් තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.
2019-2021 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග වැදුණු රටවල් 9ක් අතුරින් ශ්‍රී ලංකාව 7 වන ස්ථානයේ පසුවනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




