වැලිමඩ, බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකු එකවර වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් මෙම ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු සහ අහඹු ලෙස සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 10 දෙනෙකු මෙලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙසේ එකවර රෝගීන් විශාල පිරිසක් වාර්තාවීම නිසා වැලිමඩ, බොරගස් හා රේන්දපොළ ප්‍රදේශවල සියලු වෙළෙඳසැල් වසා දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම රෝගීන් සියලු දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබෙන අතර ම ප්‍රදේශවල ජනතාවගේ සංචරණ කටයුතු ද සීමා කර ඇති බව වාර්තා වනවා.
මේ අතර හුදකලා කර ඇති ගිනිගත්හේන කඩවල වතු යායෙන් නව අසාදිතයන් 24 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර ඔවුන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




