තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ (23 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් සත්කාරක එංගලන්ත කණ්ඩායම වාර්තා කළා.
ලකුණු පුවරුවේ තවත් පන්දු 17 ක් සහ කඩුලු 8 ක් ඉතිරිව තිබියදී ඔවුන් තම ඉලක්කයවූ විස්සයි-20 තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුණු අතිශය දුර්වල වූ ලකුණු 130 තම 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ම සපුරා ගන්නා ලදි.
ආරක්ෂා කර ගැනීමට තරම් ඉලක්කයක් නොවූයෙන් දැඩි පීඩනයක් යටතේ පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වනිඳු හසරංග තම පන්දුවාර 4 ලකුණු 12 කදී නතර කර ගැනීමට සමත්වද්දී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන පන්දුවාරයකට ලකුණු 8 කට වඩා අඩුවෙන් තබා ගනිමින් ඉලක්කය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්හ.
එංගලන්ත ආරම්භක පිතිකරුවන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 10 කට වඩා වේගයක් රඳවා ගනිමින් ලකුණු 61 ක් රැස් කිරීමට සමත්වූහ.
ජොස් බට්ලර් සහ ජේසන් රෝයි පිතිකරුවන් පන්දු 55 කදී පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 80 කි. ජේසන් රෝයි පන්දු 22 කදී වේගවත් ලකුණු 36 ක් ලබා දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අතර,පන්දු 55 කදී ලකුණු 68 ක් රැස් කර ගත් ජොස් බට්ලර් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ලබා ගනිමින් තරගය අවසන්වනතෙක් කඩුල්ලේ රැඳීසිට තරගයේ වීරයා විය.
එංගලන්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් මාලන්ගේ කඩුල්ල දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය.
කාසියේ වාසියත් සමඟ ළමු පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළේය. දෙවැනි පන්දුවාරයේදීම අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගිය අතර එංගලන්ත පන්දු යවන්නෝ ලකුණු 50 ක දී ශ්‍රී ලංකා කඩුලු 4ක් දවාගන්නා ලදි.
සිය සගයන් දැවී යන ආකාරය එක් අන්තයකට වී බලා සිටි
නායක කුසල් පෙරේරා, දසුන් ශානක සමඟ එක්ව ඉනිම ගොඩ නැංවීමට උත්සාහ දැරුවද පන්දු 26 කදී ලකුණු 30 ක් රැස් කරගෙන අදිල් රශීඩ්ගේ පන්දුවකට ක්‍රිස් ජෝරඩ්න්ගේ දෑතට උඩ පන්දුවක් ලබිදී දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකම සාර්ථක පිතිහරඹය දියත් කළ දසුන් ශානක පන්දු 44 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ගෞරවාන්විත තලයකට රැගෙන ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණු දසුන් ඉනිමේ අවසන් පන්දුවේදී දැවී ගියේය. මෙය දසුන්ගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා විය.
ඉදිරි පෙළ පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් (ලකුණු 09) සහ ධනංජය ද සිල්වා (ලකුණු 03 ක්) ලබාගන්නා ලදි.
දෙරට අතර පැවත්වෙන දෙවැනි තරගය අද (24 වැනිදා) කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




