කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අනුව දැනට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන මේ වනවිට ලක්ෂ 25 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ට කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත් වර්ග 3 භාවිතයට ගනී.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ දක්වා 925,242 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 372,719 දෙනෙකුටද ලබාදී තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1,461,732 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 479,750කටත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එසේම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 113,454ක් වනවා.
එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,323 දෙනෙකුට ද මේ දක්වා ලබාදී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




