ගාල්ල, කරාපිටිය නගර මධ්‍යයේ බැංකුවක් අසල නවතා තිබූ මෝටර් රථයක් සහ එහි සිටි තරුණියක් නාඳුනන පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ.
ඊයේ (23) දහවල් මෙම තරුණිය තම නැගණිය සමග කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවක් වෙත පැමිණ සහෝදරිය කාර් රථය තුළ සිටියදි කාර් රථයෙන් බැස මුදල් හා චෙක්පත් තැන්පත් කිරිම සදහා බැංකුව වෙත ගිය අවස්ථාවේ එහි සිටි නැගණිය සමග මෝටර්රථය පැහැරගෙන ගොස් ඇත.
කාර් රථයට එක්වරම ගොඩවු තරුණයකු වාහනයක් ගැනීමට කාර් රථය පොඩ්ඩක් පස්සට දමනවා කියා කාර්රථය පණගන්වා පසු පසට ගෙන කාර් රථය හිරිඹුර ප්‍රදේශය දෙසට ධාවනය කරගෙන ගොස් තිබේ. තරුණිය කාර් රථය තුළ සිට කෑගසා ඇති අතර කොල්ලකරු විසින් තර්ජනය කොට ඇයගේ ගෙල පහත්කරවාගෙන කාර් රථයට ධාවනය කරගෙන ගොස් තිබෙනවා.
කොල්ලකරු විසින් තරුණියගෙන් මුදල් හා රන්භාණ්ඩ ඉල්ලීමෙන් පසුව තරුණිය තම අත් පළඳනාව හා මුදල් පසුම්බිය ලබා දී ඇත. පසුව කොල්ලකරු විසින් තරුණිය රත්ගම ප්‍රදේශයෙන් බස්සවා කාර් රථය පැහැරගෙන ගොස් ඇත.
අදාළ තරුණිය කළ පැමිණිල්ල මත සිදු කළ විමර්ෂණයේදී අද (23) අළුයම කාර් රථය බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදි දී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර මේ පිළිබඳව සී.සී.ටී.වී කැමරා ඔස්සේ ද පොලිසිය මගින් විමර්ශණ කටයුතු ආරම්කොට ඇත.
මෙම සහෝදරියන් දෙදෙනා අක්මීමණ, හියාරේ - අමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කාර් රථය පැහැරගෙන ගිය කොල්ලකරු අත්අඩංගුවට ගැනිම සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩි.ජී. ආනන්ද ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




