ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූලි මස 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩු කරනු ඇතැයි අපේක්ෂිත බව ආරංචි මාර්ග සදහන් කරයි.
පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතවනවා.
ඒ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතය බව වාර්තාවේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




