දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
ඇය සදහන් කර ඇත්තේ තමා අදහන බුදුදහම අනුව දුමින්ද සිල්වා මහතාට සමාව දී අවසන් බවත්, එසේ වුවත් රටේ පවත්නා නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත්ය.
එක් රටක් -- එක් නීතියක් තේමාව යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා හිතුමතේ වැරදිකරුවන් නිදහස් කරන්නේ නම් රටට සිරගෙවල්, නීතියක් හා විනිසුරන් කුමකටදැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ලිපියේ සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනකු ලබාදුන් තීන්දුව කුණුකූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ඔබතුමා නම් මේ රටේ නීතියක් කුමකටද?’ යනුවෙන් ඇය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්.
දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී මහඇමති අපේක්‍ෂකයකු ලෙස හෝ දේශපාලනයට ගෙනැවිත් ජයග්‍රහණය කළ ද තමා පුදුම නොවන බවත්, ජනතාව අයුක්තිය නැමති යදම් බිඳදා නැගී සිටින දිනය වැඩි ඈතක නොවනු ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටී.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




