රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගනු ලැබූ උපාධිධාරීන්ට හා අඩු ආදායම්ලාභි පවුල්වල තරුණ තරුණියන්ට මාස් පතා රුපියල් කෝටි 1,380කට අධික මුදලක් වැය කරමින් වැටුප් දීමනාව ගෙවමින් සිටින බව මුදල් අමාත්‍යාංශය කියයි. කොරෝනා වසංගතයත් සමඟ රටේ ආර්ථික කටයුතුවලට යම් බලපෑමක් එල්ල වී තිබුණත් මෙම ගෙවීම් අඛණ්ඩව සිදු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 60,000ක් සහ අඩු ආදායම්ලාභි පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා අවස්ථා දී මෙම පිරිස රාජ්‍ය සේවයට බදවා ගෙන නව සංවර්ධන ක්‍රියාදාමයක් ගොඩනැඟීමට ආණ්ඩුව සැලසුම් කර තිබිණි.
කොරෝනා වසංගතය පාලනය කළ පසු නව වැඩපිළිවෙළ සාමාන්‍ය ලෙස ආරම්භ කරන තෙක් මොවුන්ට අදාළ මාසික වැටුප ගෙවා දමන බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




