කොරතොට අංගම් සටන් පාසල නැරඹීමට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බවයි.
වර්ෂ 1818 දී ඔක්තෝබර් මාසයේ ඉංග්‍රීසීන් විසින් මෙරට සාම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව තහනම් කරනු ලැබූ නමුත් එය වසර 202කට අධික කාලයක් රහසිගතව පාරම්පරික වශයෙන් පැවත එයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
"පළමුවෙන්ම දේශිය සටන් කලාවක් වන අංගම්පොර සටන් ශාස්ත්‍රය වෙත ඉංග්‍රීසි පාලන අධිකාරිය විසින් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයක් හරහා ඉවත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා"
"මෙම අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන අය තුළ අනෙක් ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන්ට එහා ගිය දරාගැනීමේ ශක්තියක් තිබෙනවා"
"අනෙකුත් ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයින්ටත් මෙහි ඇති දැනුම හුවමාරු කරගෙන තම තමන්ගේ දරාගැනීමේ ශක්තිය වැඩි දියුණු කරගත හැකියි"
"එමෙන්ම මෙම ක්‍රීඩාව ප්‍රගුණ කිරීමේදී භාවනා/ යෝගා වැනි ක්‍රම හරහා ක්‍රීඩකයන්ගේ කායික මානසික තත්ත්වය සකසනු ලබනවා. ඒ මත තරුණ පිරිස යහමගට ගැනීම මෙන්ම නිරෝගි තරුණ පිරිසක් ගොඩනැගීමත් සිදුවෙනවා"
"අංගම්පොර සටන් කලාව දේශීය සටන් කලාවක්. දේශීය දේවල් රැකගැනීම අපේ යුතුකමක්"
"දැනට මේ ක්ෂේත්‍රයේ නියැලෙන්නේ බොහොම අතළොස්සක පිරිසක්. අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන එහි ගුරුහරුකම් ලබාදෙන ශිල්පීන් සොයාගෙන මෙවැනි දේශීය සටන් ක්‍රම සහ ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා"
"එසේම අංගම්පොර සටන් කලාවේ පවතින හරයන් පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලිය යුතුයි"
"අංගම්පොර සටන් ශාස්ත්‍රය ඇතුලුව අපේ පැරණි ජන ක්‍රීඩා හා සටන් ක්‍රම පිළිබඳ පර්යේෂණාත්මකව සොයා බලා ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව රැකගැනීම එම ක්‍රීඩා දැනුම සංරක්ෂණය කිරීමට කෞතුකාගාරයක් ඉඳිකරනත් බලාපොරොත්තු වෙනවා"
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය හා ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ආමාත්‍යංශය ඒකාබද්ධව අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid





