ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.
මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වීමට තීරණය කර තිබුණි.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරෙ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය හේතුවෙන් සහල් අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




