ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තෙක් පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.
ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




