ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පුද්ගලයින් 225 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ලබා ගත් ප්‍රතිඵල වලට අනුව පුද්ගලයින් 90 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
රක්වාන කොට්ටල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන් පනස්දෙනෙකු ද මෙම ආසාදිතයන්ට අයත් වේ.
ඉන් ආසාදිතයින් 34 දෙනෙකු ගංගොඩ තවාන ගම්මානයෙන් ආසාදිතයින් වන අතර, අනෙක් ආසාදිතයින් 16 දෙනා කොට්ටල ගම්මානයේ පුද්ගලයින් වන බව ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය සදහන් කරයි.
කොට්ටල ග්‍රාම නිලධාරි වසම හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙන අතර එම ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරනු ලබයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




