මොරටුමුල්ල පිළියන්දල පාරේ අතුරු මාර්ගයක පිහිටා ඇති නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් මොරටුමුල්ල පොලිසියේ නිලධාරීන් විසින් වටලා ඇත.
මොරටුව නගරාධිපතිවරයාගේ හිටපු රියැදුරකු සහ තවත් අයෙකු මෙම කසිප්පු තිප්පොල පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසිය එහි යන විටත් සැකකරුවන් කසිප්පු පෙරමින් සිට පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා සමඟ කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ සහ කසිප්පු බැරල් හයක් ද පොලිසිය භාරයට ගත් බව වාර්තා වනවා.
මොරටුමුල්ල පොලිසියේ ස්ථානාධිපති කමල් බණ්ඩාර මහතා වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




