ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්වෙත පවරන මෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවනවා.
ඔවුන් සදහන් කර ඇත්තේ ඇතැම් ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භකර ක්‍රියාත්මක කිරීමේදී අදාල දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් පවා දැනුවත් කිරීමට පියවර නොගන්නේ බවයි.
මේ පිලිබදව ඔවුන් ආණ්ඩුවේ ප්‍රබලයන්ද දැනුවත් කර ඇති බවටද වාර්තාවේ.
රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුවත් නොකරන බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.
ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකු ඉකුත්දා හමුවී තම ගැටළු ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




