කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසූවේ කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (25) ආරම්භ කල බවයි.
මේ අනුව කොග්ගල හා සීතාවක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද මුලතිව් කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආයෝජන කලාපයන්හි සේවක සේවිකාවන්ටද එන්නත් ලබාදීම ඊයේ ඇරඹූ බව එතුමා ප්‍රකාශ කළේය.
ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ආයෝජන කලාපයන්හි කොරෝනා අවදානම වැළැක්වීම මෙම එන්නත්කරණයේ අරමුණ බව වන අතර ඉදිරියේ දී කටුනායක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද කොරෝනා මර්දන එන්නත් ලබාදීම අරඹන බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




