අද (28දා) සිට 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දසදහසකට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දෙන බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නගරධිපතිනියගේ ඉල්ලීමකට අනුව ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) එන්නත් මාත්‍රා තොගයක් කොළඹ මහ නගර සභාව වෙත ලබාදී තිබෙනවා.
උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ සඳහා සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ සඳහා කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේ දීත් එන්නත් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
පළමු එන්නත ලබා ගැනීමේදී ඉදිරිපත් කළ දුරකථන අංකය වෙත Covid Vaccine යනුවෙන් SMS පණිවිඩයක් මගින් දිනය, වේලාව සහ ස්ථානය දැනුම් දෙනු ලබනවා.
එන්නත්කරණයට පැමිණීමේදී එම SMS පණිවිඩය රැගෙන ඒම අනිවාර්ය වන අතර එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත ද රැගෙන ඒම අනිවාර්ය වේ.




