බස්නාහිර පළාත තුළ අද (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එ අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5 ක් ද, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8 ක් වශයෙන් උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටී.
උදෑසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව එලෙසම සවස නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් සංගමය කියා සිටිනවා.
එසේම අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස ජුනි 28 සිට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා නොලැබී මත තව දුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බවත් සදහන්.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




