රුපියල් ලක්ෂ 22ක් වටිනා ‘මත් මුද්දර’ 1200ක් විකිණීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කරන මෙම සැකකරුට මත් මුද්දර ලබා දී ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා
මෙම සැකකරු මත් මුද්දරයක් රුපියල් දහසක මුදලකට ලබාගෙන ඇති අතර ඒවා රුපියල් දෙදහසකට විකිණීම සිදුකර ඇතැයි ද පොලීසිය කියා සිටියා.




