ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉවත් වී තිබෙනවා.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරයි.පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉවත් වී ඇති බව වාර්තා වේ.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ නිර්දේශ පිළිබඳව අධ්‍යයනය කර මෙරටට එන්නත්කරණ වැඩපිළිවෙළක් නිර්දේශ කිරීම මෙම විශේෂඥ කමිටුවට පැවරී ඇති වගකීමවනවා.
මීට ඉහතදී ද කොළඹ උතුර (රාගම )වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ් මහතාද මෙම කමිටුවෙන් ඉල්ලා අස්වුනා.
මෙම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර, මහාචාර්ය චන්න රණසිංහ, මහාචාර්ය සරෝජ් ජයසිංහ, වෛද්‍ය රෝහිත මුතුගල, වෛද්‍ය මහේන් කොතලාවල සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරු කටයුතු කරනවා.




