ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු මේ සතියේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. එම පුරප්පාඩුව සඳහා පක්ෂය විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට ද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතාට මන්ත‍්‍රීවරයකු වශයෙන් පත්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරුන්ගෙන් කෙනකු ඉල්ලා අස්වනු ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා
මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් ඇමැති ධුරයක දිවුරුම් දීමට නියමිත බවද එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.




