ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී පෙරේදා රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පැනවෙන අතර ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන දින 14න් පසු වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් වේ.
එයට අමතරව මෙම පහත් හැසිරීම හේතුවෙන් එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන්ට ගෙවන කිසිදු මුදලක් මෙම ක්‍රීඩකයන් තිදෙනාට නොදීමටත් පවතින කොරෝනා තත්ත්වය හමුවේ එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලියේ ආරක්ෂිත ජෛව බුබුල කැඩීම සම්බන්ධව කොරෝනා නීතිය යටතේ දඬුවම් දීමටත් සූදානම් වේ.
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇත.




