බොරැල්ල නිවසකදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) රාත්‍රියේ දී මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු සිටී සොත්ති උපාලි නමැත්තා ගේ පුතෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු (28)හැවිරිදි තරුණයෙකු වන අතර මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත බොරැල්ල කාසල් වීදියේ නිවසක් පරීක්ෂා කිරීමේදී කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි .
ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දී ඇත.




