ඉන්දීය සැර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් 04ක් කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.
මෙතෙක් ඔවුන් සිව් දෙනාට ආසාදනය වී තිබෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවට තහවුරු වී නැති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර තිබේ.ඩෙල්ටා කොරෝනා ආසදිතයා හමුවීමෙන් පසු ගම්මානයේ 100දෙනෙකුට පී සී ආර් පරීක්ෂණ සිදුකළ අතර ඉන් 70 දෙනකුගේ පී. සී. ආර් වාර්තා ලැබී තිබූ අතර සිවු දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි ඒ් මිගින් තහවුරු විය.
කෙසේ වෙතත් ඩෙල්ටා කොරෝනා ආසාදිතයාගේ බිරිඳ, මව සහ දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැත ඔවුන් සම්බන්ධයෙන් යළි කොරෝනා පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇත.
මෙම පුදේශයේ ඩෙල්ටා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ පවුල් 50ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙන අතර සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා තවදුරටත් පවතී.




