කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ලංකාව තුළ විශාල වශයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය වෙනුවෙන් පෞද්ගලික අංශය විශාල ආයෝජනයක් සිදුකර ඇති බවත් එහි සේවකයන් මෙම අවස්ථාවේ විවිධ අපහසුතාවන්ට පත් වී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.එම ආයතනවල ස්ථිර සේවකයන්ගේ රැකියා අහිමි නොකර පවත්වාගෙන යෑම සඳහා සහන සැලසීමේ අරමුණින් යුතු ව සේවායෝජකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් , කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකාය මගින් ඉදිරිපත්කරන ලද යෝජනා සඳහා මින් පෙර කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව සමානුපාතික අවස්ථා ලබා දෙමින් සෑම සේවකයෙකුටම සේවය කිරීමට අවස්ථාව ලබා දීමත් සේවකයින් නිවසේ රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද සම්පූර්ණ මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500 ක අවම මුදලක් යන ක්‍රම දෙක අතරින් වඩාත් වාසිදායක මුදල ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය 28 දින තීරණය කර තිබෙනවා.