වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන්ගෙන් අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අදාල පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැඩි මිලට සිදුවන සහල් අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ අතර, යහපාලන ආණ්ඩුව සමයේ ඇණහිට තිබූ ගොවි රක්ෂණය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි යළි ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවකට එක්වෙමින්. එහිදී නව ගොවි රක්ෂණ සැකැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමද සිදු කෙරුණා.