හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද (02) ක්‍රියාත්මක වනවා.
ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.
කෙසේවෙතත් හෙද සංගම් විසින් සිදුකරන වෘත්තිය සිමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.